Monday, November 25, 2019

දෝණියේ




මට පේන ලෝකයේ
ඇතත් විසිතුරු පාට
කළුපාට විතරමයි
තියෙන්නේ මහරෑට
මගෙ දූට පේන්නේ
හැමදාම ඒ පාට
කවුරුවත් නොකිව්වට
ලස්සනයි මහරෑට

රතුපාට ඇස් තියන
රකුසො පිරිලා බොහොම
සුදුපාට ඇඳගත්තු 
බිල්ලො දැන් හැමතැනම
සමනලුන් වෙස්ගත්ත
අමනුස්ස මනුසත්තු
නොදකිනා එක තමයි
පින කලින් කරගත්තු

හිරු නැගෙයි හැමදාම 
එළිය දෙන්නට ලොවට
මගෙ දුවේ දන්නවද
ඒ ඉරට ඇස් නොමැත
දවසකදි ජීවිතේ
හැකිවුණොත් ඔය හිතට
එළිය දීපන් දුවේ
ඇස් අන්ධ ලෝකයට.....